Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන නිලවරණය ජුනි මාසයට කල්යයි

කායවර්ධන නිලවරණය ජුනි මාසයට කල්යයි

editorial - 2024 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශරීරික යෝග්‍යතා සම්මේලනයේ මීළඟ නිලවරණය (2024-28) ලබන ජුනි මාසය දක්වා කල්දමා තිබේ. කෙසේවුවත් ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්නේ නාමයෝජනා කැඳවීම ලබන පෙබරවාරි 19 වැනිදා සිට සතියක කාලයක් තුළදී නිමාවට පත් කෙරේ.

නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැගෙන විරෝධතා විභාග කිරීම එයින් අනතුරුව ආරම්භ කෙරේ. මේ වනවිට සම්මේලනයේ සභාපති ධුරය  හොබවන ලයනල් කුමාර මහතා යළිත් ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසුවේ.

ඒ අතර කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කායවර්ධන සංගමයේ සභාපති තිලක් ජයවීර මහතා ඇතුළු තවත් ප්‍රවීනයන් පිරිසක් ද සභාපති ධුරය ඇතුළුව සම්මේලනය නිලතල සඳහා  නාමයෝජනා බාර දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිලවරණය මෙහෙයවන කමිටුවේ සභාපති ධුරය හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු වන සී. රත්නමුදලි මහතා හොබවයි. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අයි.එම්. රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

වසර 2023 දෙසැම්බර් 23 වැනිදා කැඳවූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේ දී මීළඟ නිලවරණය කැඳවීම ප්‍රකාශයට පත් කෙරුණි.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනය නමින් අද හඳුන්වන මෙම සම්මේලනය 1947දී ආරම්භ කළ මෙරට පැරණිතම ජාතික ක්‍රීඩා සංගමයකි. 

එය 1946 ආරම්භ වූයේ ජාතික ශාරීරික යෝග්‍යතා හා සංස්කෘතික සංගමය යන නාමයෙනි. පසුව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ලෙස හැඳින්වීම ආරම්භ  කළේය. වසර 2005 දී එවකට එහි සභාපති ධූරය දැරූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ  වත්මන් ලේකම් කපිල කුමාර මහතා අන්තර්ජාතික කායවර්ධන සම්මේලනයට සමගාමිව යමින් එය හැඳින්වීමේ දී ශාරීරික යෝග්‍යතා විෂය ද ඊට ඇතුළත් කළේය.

ඒ අනුව එය එතැන් පටන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නමින් හැඳින්වීම ආරම්භ කළේය. මාර්තු 28 වැනිදා පත්වන නව විධායක සභාවට පැවරී තිබෙන ප්‍රධානතම කාර්යභාරයන් අතර වසර 2025 දී  මෙරට පැවැත්වීමට යෝජනාවී තිබෙන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරය සාර්ථක කර ගැනීම ද වේ.


අදහස් (0)

කායවර්ධන නිලවරණය ජුනි මාසයට කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.