Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ජනවාරි 2 දා සිට

කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ජනවාරි 2 දා සිට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 2 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දින තුනක් පුරා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී කාණ්ඩ 4 කින් පැවැත්වීමට නියමිතය. 

මෙහිදී වයස අවුරුදු 15 ත් 18 අතර තරගාවලිය ‘රන් කාණ්ඩය’ ලෙසත් වයස අවුරුදු 12ත් 14ත් අතර තරගාවලිය ‘රිදී කාණ්ඩය’ ලෙසත්, වයස අවුරුදු 10ත් 11ත් අතර තරගාවලිය ‘ලෝකඩ කාණ්ඩය’ ලෙසත් වයස අවුරුදු 9 හා ඉන් පහළ තරගාවලිය ‘තඹ කාණ්ඩය’ ලෙසත් නම්කර තිබේ. 

කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවය දෙවරක් හිමිකරගත් විනෝද් වීරසිංහ මෙවරත් කනිෂ්ඨ ශූරතාව තමා සතු කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටී.

විනෝද් මේ වන විට ඇමරිකාවේ පදිංචි වී සිටින අතර ඔහු ජාත්‍යන්තර පුහුණු අත්දැකීම්ද සතු ක්‍රීඩකයෙකි. 

ටානියා බාලසූරිය හා කයිලා පෙරේරා දෙදෙනාම කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවෝ වෙති. 

ප්‍රීමා - සන්රයිස් සමාගම මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

 


අදහස් (0)

කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ජනවාරි 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.