(කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත)
145 වැනි ඔලිම්පියාඩ් කණ්ඩායම් චෙස් තරගාවලියේදී ඩී කාණ්ඩයේ පිරිමි ශූරතාව සහ සී කාණ්ඩයේ කාන්තා තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ලෝක චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම චෙස් තරගාවලියට ලෝකයේ චෙස් ක්‍රීඩා කරන රටවල ශ්‍රේණිගත අංක එකේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගී වූහ. එය කසකස්ථානයේදී පැවැත්විණ.
ඒ අනුව ඩී කාණ්ඩයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එහි අනු ශූරතාව ලිච්ටෙන්ස්ටයින් රටටද එහි තෙවැනි ස්ථානය පකිස්ථානයටද හිමි වී තිබේ. ඩී කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමට ඉන්ටර් නැෂනල් මාස්ටර් රනිදු ලියනගේ (ලවුපර් චෙස් කීඩා සමාජය - කොළඹ), කෝසල සංදීප (මේයර්ස් චෙස් කීඩා සමාජය – කොළඹ), දිනුජය කොඩිතුවක්කු (රාහුල විද්‍යාලය – මාතර), ධනුෂ්ක බණ්ඩාර (කැන්ඩියන් ලයන්ස් චෙස් කීඩා සමාජය – මහනුවර) ඇතුළත් වූහ.
කාන්තා සී කාණ්ඩයේ ශූරතාව තර්ක් මෙනිස්ථානයටද එහි අනු ශූරතාව මලයාසියාවට ද හිමි විය. සී කාණ්ඩයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට දිනා දීමට සන්දුලා දහම්දි (මියුසියස් විද්‍යාලය – කොළඹ) නික්ලේෂා තරුෂි (කැළණිය විශ්ව විදයාලය), ඒෂා පල්ලේ (විශාඛා විද්‍යාලය – කොළඹ), ඔෂිනි ගුණවර්ධන (විචර්ලි ජාත්‍යන්තර පාසල – කොළඹ) ජනන්දනී අබේසිංහ (හැටන් නැෂනල් බැංකුව) සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.