Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පියා අයෝමය ශූරයා සමන් උදය

ඔලිම්පියා අයෝමය ශූරයා සමන් උදය

editorial - 2022 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයකු වන සමන් උදය කුමාර රත්නායක එරටදී පැවැති ‘‘ඔලිම්පියා’’ වෘත්තීය ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලිය ජය ගැනීමට සමත් විය.

එහිදී කාණ්ඩ තුනක ඉසව් ජයගත් සමන් කුමාර ඔලිම්පික් කායවර්ධන තරගාවලියක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසයි.

මෙම ජයග්‍රහණයත් සමග ඉදිරියේදී පැවැත්වෙන ඔලිම්පියා ඉදිරි අදියර තරගමාලා සඳහා නිර්දේශ ලබාගැනීමට සමත්ව සිටින උදය කුමාරට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය උපදෙස් දී ඇත්තේ එම අදියර තරග මාලා සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් නියෝජනය කරමින් සහභාගීවන ලෙසයි.

ඔහු පිළිගැනීම සඳහා කායවර්ධන සම්මේලනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. එහිදී කායවර්ධන සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා ඇතුළු එහි විධායක සභාවේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

සමන් උදයකුමාර හෙට (17) යළි ඉතාලිය බලා පිටත්ව යන අතර ඔහු කායවර්ධන ක්‍රීඩකයෙකු ලෙස මෙරටදී වසර 2016 ජාතික අයෝමය ශූරයා තරගාවලිය ඇතුළු ජාතික මට්ටමේ කායවර්ධන තරගාවලි කීපයක්ම ජයගෙන තිබේ.

තමන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරි ඔලිම්පියා තරග සඳහා සහභාගීවන බව මාධ්‍ය හමුවේදී ඔලිම්පියා රන් පදක්කම්ලාභී සමන් උදයකුමාර පැවසීය.


අදහස් (0)

ඔලිම්පියා අයෝමය ශූරයා සමන් උදය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.