Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උස්බෙකිස්ථානයට පැරදී ශ්‍රී ලංකාව ගෙදර එයි

උස්බෙකිස්ථානයට පැරදී ශ්‍රී ලංකාව ගෙදර එයි

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
 
ජකර්තා නුවරදී අද (14) නිමාවට පත් වූ සුදුසුකම් ලබා ගැනීමේ හොකී තරග වටයේ දී උස්බෙකිස්ථානයට ගෝල 4 – 2 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එළඹෙන (2023) ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (කාන්තා) ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය.

උස්බෙකිස්ථානයට ඊයේ පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සහභාගි වූ තරග හතෙන් හයක්ම පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ ආසියානු ක්‍රීඩා (2023) හොකී (කාන්තා) ඉසව්වේ බලාපොරොත්තු මෙලෙස බිඳ වැටුණි.

මෙම තරග වටයේ දී ශ්‍රී ලංකාව මොංගෝලියාවට එරෙහිව පැවති තරගය පමණක් ගෝල 5-0 කට ජය ගැනීමට සමත් විය. ජේ. ශානිකා හා ඩී. තිරුෂාන්තිනි ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා ගෝල ලාභිනියෝ වූහ.

රටවල් නවයක සහභාගීත්වයෙන් පැවති මෙම තරග වටයේ පළකළ දක්ෂතා අනුව හොංකොං, සිංගප්පූරුව, කසකස්ථානය, උස්බෙකිස්ථානය හා සත්කාරක සිංගප්පූරුව වසර 2023 ට කල්ගිය චීනය සත්කාරය දරන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී කාන්තා ඉසව්ව සඳහා ජකර්තා තරග වටයෙන් නිර්දේශ තහවුරු කර ගත්තේය.

කෙසේ වුවත් මැයි මාසයේ බැංකොක් නුවර දී පැවති සුදුසුකම් තරග වටයේ දී පස්වැනි ස්ථානය අත්කරගත් ශ්‍රී ලංකාව එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්ව සඳහා අවම සුදුසුකම් තහවුරුකර ගත්තේය.


අදහස් (0)

උස්බෙකිස්ථානයට පැරදී ශ්‍රී ලංකාව ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.