Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදුල - අනූෂා ශූරතා දිනති
ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ්

උදුල - අනූෂා ශූරතා දිනති

editorial - 2024 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ එක්ව 11 වැනි වරටත් සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාත්, කාන්තා ශුරතාව දිනාගැනීමට අනූෂා සේනාධීර මහත්මියත් සමත් වූහ. 

ත්‍රිකුණාමලය, චිනවරාය ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබෙන ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය කටයුතු කළේය. 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ. එහිදී දක්ෂතම ත්‍රිවිද හමුදා ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න මහතා සම්මාන ලැබීය. 

-036 


අදහස් (0)

උදුල - අනූෂා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.