Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඊ්වා කුසලාන ගුවන් හමුදාවට

ඊ්වා කුසලාන ගුවන් හමුදාවට

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා ‘ඊවා’ කුසලාන (විවෘත) දැල්පන්දු තරග මාලාවේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී කණ්ඩායම් 200කගේ පමණ සහභාගිත්වයෙන් තරග මාලාව පැවැත්වුණි.

මෙවර සුපිරි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම අතින් අවසන් මහ තරගයේ දී යුද හමුදා කණ්ඩායම පරාජයට පත් විය. ශූරතාලාභි ගුවන් හමුදා කණ්ඩායම නොබෝදා පැවති 2023 ජාතික දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව ලද කණ්ඩායමයි.

එහිදී ඔවුන් ජාතික ශූරතා අවසන් මහ තරගයේදී ශූරතාලාභී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට පරාජය වූයේ එක ලකුණකිනි.

‘බී’ කාණ්ඩයේ ශූරතාව මෙවර දිනාගත්තේ රත්මලාන නෙට් ෆයර් ක්‍රීඩා සමාජය විසිනි. කාණ්ඩ හතකින් තරග මාලාව පැවති අතර ඊවා සන්නාමය යටතේ අයිසීඑල් බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහයෙන් මෙවරත් බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් තරග මාලාව සංවිධානය කළේය.

කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අනිල් ද සිල්වා හා අයි සී එල් බ්‍රෑන්ඩ්ස් ප්‍රධාන විධායක ‍රොනී චාකෝ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය සිදුකෙරුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් වන ට්‍රික්ෂි නානායක්කාර, බස්නාහිර පළාත් දැල්පන්දු සභාපතිනි සන්ධ්‍යා රාජපක්ෂ, එහි නියෝජ්‍ය සභාපතිනි කරිල් වුසර්, ප්‍රධාන ලේකම් සුර්යා ෆාජුඩින්, භාණ්ඩාගාරික රියෝ රම්ලාන් හා තරග ලේකම් නිමාලිකා කුෂාන්තිකා යන මහත්මීහු සහභාගි වූහ.

 

● ‘ඒ’ කාණ්ඩය:- ගුවන් හමුදාව විසින් යුද හමුදාව පරාජය කරන ලදී. (39/16) 
දක්ෂතම ක්‍රීඩිකාව:- මධුමාලි සිංහබාහු (ගුවන් හමුදාව)

● ‘බී’ කාණ්ඩය:- ශ්‍රී ලයන්ස් විසින් රත්මලාන නෙට්ෆයර් පරාජය කරන ලදී. (10/7) 
 දක්ෂතම ක්‍රීඩිකාව:- දිමිත්‍රි - ගනිහන්ගොඩ (ශ්‍රී ලයන්ස්)

● ප්‍රවීනයන්ගේ කාණ්ඩය:- ට්‍රැක් මාස්ටර්ස් විසින් ස්පීඩ් බර්ඩ් පරාජය කරන ලදී (11/07).
දක්ෂතම ක්‍රීඩිකාව – ජාලිය කුමාරි (ට්‍රැක් මාස්ටර්ස්)

● පිරිමි කාණ්ඩය:- යුනයිටඩ් විසින් කෑගල්ල ලයන්ස් පරාජය කරන ලදී (27/20)
දක්ෂතම ක්‍රීඩකයා:- විශ්ව රණසිංහ (යුනයිටඩ්)

● වයස 15න් පහළ කාණ්ඩය:- කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් පන්නිපිටිය ධර්මපාල විදුහල පරාජය කරන ලදී (20/16):- දක්ෂතම ක්‍රීඩිකාව:- ඩබ්.පී.එස්. විජේසිංහ (මලියදේව බාලිකා)

● වයස 17න් පහළ කාණ්ඩය:- ශ්‍රී පියරතන විදුහල විසින් දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහල පරාජය කරන ලදී. (11/10) – දක්ෂතම ක්‍රීඩිකාව:- සඳලි සෙව්වන්දි (ශ්‍රී පියරතන)

● වයස 19න් පහළ කාණ්ඩය:- මොරටුව අප ජයලත් ස්වාමිදුවගේ කන්‍යාරාමය විසින් දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහල පරාජය කරන ලදී. දක්ෂතම ක්‍රීඩිකාව:- රොමේන් ප්‍රනාන්දු (14/05)

● දැල්පන්දු රැජින:- තිළිණි වත්තේගෙදර (ගුවන් හමුදාව)
● දැල්පන්දු රජු:- එරංග සිතාර (යුනයිටඩ්)
● සුපර් ‘බී’ කාණ්ඩයේ ශූරියෝ:- ගුවන් හමුදා කණ්ඩායම

 


‘බී’ කාණ්ඩයේ කුසලානය දිනාගත් ශ්‍රී ලයන්ස් කණ්ඩායම සමග එහි කළමනාකාරිණි සන්ධ්‍යා කුරේ මහත්මිය හා පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවිය.


අදහස් (0)

ඊ්වා කුසලාන ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.