Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඊවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඊවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘ඊවා’ කුසලාන (විවෘත) දැල්පන්දු තරග මාලාව සඳහා කණ්ඩායම් වෙතින් ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ. මෙම දැල්පන්දු තරගමාලාව 66 වැනි වතාවටත් සංවිධානය කෙරේ.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය සංවිධානය කරන දීර්ඝතම කාලයක් තිස්සේ පවත්වාගෙන එන මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් පිටස්තරව ප්‍රාදේශීය දැල්පන්දු සංගමයක් සංවිධානය කරන එකම වාර්ෂික සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය මෙය වීමය.

ලබන දෙසැම්බර් 3-4 යන දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ‘ගුවන් හමුදා’ ක්‍රීඩාංගණයේදී මෙම තරගමාලාව පැවැත්වීම සැලසුම් කර ඇත. තරග කාල සටහන එළිදැක්වීම ලබන නොවැම්බර් 30 වැනිදා කොළඹ නිදහස් මාවතේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී සිදු කිරීමට නියමිතය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපතිනි සන්ධ්‍යා රාජපක්‍ෂ මහත්මිය පැවසුවේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් ඇතුළුව ආධුනික ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන මෙම තරග මාලාව තුළින් දක්‍ෂතා හෙබි අලුත් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා ජාතික දැල්පන්දු තේරීම් කමිටුවට ආරාධනා කර සිටින බවයි. පසුගිය වසර දෙකක් තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැත්වුණි.

විවෘත ‘මිශ්‍ර’ (ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයන් දෙපාර්ශවයම ඇතුළත් කණ්ඩායම්) විවෘත- කාන්තා වයස 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා වයස 40න් ඉහළ (ප්‍රවීනයන් සඳහා වන) යන ඉසව් හයක් මෙවර තරගමාලාවට අන්තර්ගතය.
පාසල් කණ්ඩායම් තරගාවලියට ඇතුළත් කර ගැනීමේදී අයදුම්පත් ගාස්තුවෙන් නිදහස් කෙරෙන බවත් තරග සංවිධායකයෝ පවසති.
 
තරග අයදුම් පත්‍රිකා ලබා ගැනීම සඳහා කේ.ඩී. එම්යා රංජනී මහත්මිය (තරග ලේකම්), 5/680, පෙරේරා උද්‍යානය, පැලවත්ත, බත්තරමුල්ල (විමසීම් දුරකථන අංක 0718150829) හෝ රියෝ රම්ලාන් මහත්මිය, 6/8, ද අල්විස් පෙදෙස, ශාන්ත රීටා මාවත, ගල්කිස්ස (0777216150) යන ලිපිනය උපයෝගී කර ගත හැකිය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, විශ්ව විද්‍යාල, ක්‍රීඩා සමාජ, වෙළෙඳ ආයතන ඇතුළු දිවයිනේ ඕනෑම සංවිධානයකට මෙම දැල්පන්දු තරග මාලාව සඳහා අයදුම්පත් යොමු කළ හැකිය. කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුගතව තරගාවලිය පැවැත්වෙන බව තරග සංවිධායකයෝ පවසති.

 


අදහස් (0)

ඊවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.