ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කේවල මේසපන්දු ඉසව්වේ දෙවැනි වටයේ තරගයකදී චීනයේ මන්යු වැන්ග් හමුවේ වට 4-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ ඉෂාරා මධුරංගිට, එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.
එම තරගයේ පළමු සහ දෙවැනි වටවලදී ලකුණු 11/8 ක් සහ 11/5 ක් ලෙස පරාජයට පත්වූ ඉෂාරා, තෙවැනි සහ සිවුවැනි වටවලදී පරාජයට පත්වූයේ ලකුණු 11/8 ක් සහ 11/1 ක් ලෙසිනි.
ඉෂාරා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ තරගයකදී වට 4-0 ක් ලෙස පාකිස්තානයේ ෆාතිමා ඛාන් පරාජය කරමිනි. එම තරගයේ පළමු සහ දෙවැනි වට ලකුණු 11/8 ක් සහ 11/2 ක් ලෙස ජයගත් ඉෂාරා, තෙවැනි සහ සිවුවැනි වට ජයගත්තේ ලකුණු 11/8 ක් සහ 11/5 ක් ලෙසිනි.
අද පැවැති පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකදී ලාඕසයේ සොන්පාසිත් මොසංසින් හමුවේ වට 4-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ උදය රණසිංහට එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
එම තරගයේ පළමු වටය ලකුණු 14/12 ක් ලෙස ජයගැනීමට මොසංසින් සමත් වූ අතර දෙවැනි වටයේ ජය ලකුණු 11/8 ක් ලෙස උදය සතුවිය. කෙසේ වුවත් ඉන් අනතුරුව උදය තරගයෙන් ඉවත්වීම නිසා ඉතිරි වට තුනේදී මොසංසින්ට ලකුණු 11/0 ක් ලෙස නිතරග ජයග්‍රහණ හිමිවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.