(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව පානදුර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ එස්.ඩී. ඉන්සර නදිව් විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව නුගේගොඩ අනුලා විද්‍යාලයේ කෞශල්‍යා සදිති අල්විස් විසින් දිනා ගන්නා ලදි.
තරග වට 10 කින් සමන්විතවූ මේ තරගාවලියේදී ඉන්සර නදිව් සහ කෞශල්‍යා සදිති අල්විස් දෙදෙනාම ලකුණු 8.5 ක් බැගින් ලබාගත්හ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය හා මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය මහනුවර පොල්ගොල්ල සමූපකාර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මේ තරගාවලියේ පිරිමි තරග ඉසව්ව සදහා දිවයිනේ චෙස් ක්‍රීඩකයින් 444 ක් සහභාගීවූහ.
තරග වට දහයෙන් ලකුණු 8.5 බැගින් සම ලකුණු ලබාගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ එස්.ඩී.ඉන්සර නදිව්, යාපනයේ හින්දු විද්‍යාලයේ බී.ජනුක්ෂන්, මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දිසල් නිම්සර වීරසේකර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කේ.පී.එල්.ලියනගේ සම තත්ත්වය ලබාගත් නමුත් චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ එස්.ඩී.ඉන්සර නදිව්ට ශූරතාවත් යාපනය හින්දු විද්‍යාලයේ බී.ජනුක්ෂන්ට අනු ශූරතාවත් මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දිසල් නිම්සර වීරසේකරට තෙවැනි ස්ථානයත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කේ.පී.එල්.ලියනගේට සිව් වැනි ස්ථානයත් හිමි විය.
තරගාවලියට සහභාගීවූ ක්‍රීඩිකාවන් 273 දෙනා අතරින් තරග වට 10 න් ලකුණු 8.5 බැගින් සම ලකුණු ලබාගත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ කෞශල්‍යා සදිති අල්විස් හා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ යෙනුති පෙරේරා සම තත්ත්වය ලබාගත්හ. සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී නුගේගොඩ කෞශල්‍යා සදිති අල්විස්ට ශූරතාවත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ යෙනුති පෙරේරාට අනු ශූරතාවත් හිමිවිය.
තරග වට 10 න් ලකුණු 8ක් ලබාගත් කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ දුලින්මා රත්නායකට තෙවැනි ස්ථානය හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.