Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු වයස 10 න් පහළ චෙස් ශූරිය ඕෂිනි

ආසියානු වයස 10 න් පහළ චෙස් ශූරිය ඕෂිනි

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දේවින්ද්‍යා ඕෂිනි ගුණවර්ධන සමත් වූවාය. සහභාගි වූ තරග 9 න් 8 ක්ම ජයගත් ඇය සෙසු තරගය ජය පැරදුමකින් අවසන් කරගත්තේ ලකුණු 8.5 කට හිමිකම් කියමිනි.

තරගාවලිය ආරම්භ කරන විට ශ්‍රේණිගත කිරීම්වලට අනුව එම ඉසව්වේ තෙවැනි ස්ථානයේ පසුවූ ඕෂිනි, අවසන් තරගය ආරම්භ කිරීමට පෙරාතුවම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණියාය. සහභාගි වූ අවසන් තරගයේදී ඇය ඉරානයේ බහාර් මිර්සාඛානි සමග සම වූවාය.

කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ඕෂිනි, ඉකුත් වසරේ (2021) පැවැති ලෝක චෙස් තරගාවලියේදී අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග වැදුනාය.

 

-036


අදහස් (0)

ආසියානු වයස 10 න් පහළ චෙස් ශූරිය ඕෂිනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.