Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කනිෂ්ඨ වෙඩිතැබීමේ තරගාවලියට 3 ක් කොරියාවේ

ආසියානු කනිෂ්ඨ වෙඩිතැබීමේ තරගාවලියට 3 ක් කොරියාවේ

editorial - 2022 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ දයීගු නුවරදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ වායු තුවක්කු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිදෙනෙක් තරග වදිති. මෙම තරගාවලිය නොවැම්බර් 9 සිට 19 දක්වා දකුණු කොරියාවේ දයීගු නුවරදී පැවැත්වෙයි.

සහිරා විද්‍යාලයේ අටීක් උර් රෙහෙමාන්, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එල්. බී. විජේරත්න සහ බෞද්ධ කාන්තා විද්‍යාලයේ නේජා දසනායක මෙම තරගකරුවෝ වෙති. රෙහෙමාන් සහ විජේරත්න මීටර් 10 වායු පිස්තෝල කනිෂ්ඨ පිරිමි ඉසව්වෙන් තරග වදිති. නේජා දසනායක මීටර් 10 වායු රයිෆල් කාන්තා යොවුන් අංශයෙන් තරග වදී.

ලුතිනන් කර්නල් සී එස් රත්නායක විසින් අටීක් උර් රෙහෙමාන් පුහුණු කරනු ලබන අතර විජේරත්නගේ පුහුණුකරුවා වශයෙන් සාගර විමලධර්ම කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වන වන ඉඳුනිල් දසනායක මහතා යටතේ නේජා දසනායක පුහුණුවීම් කරන්නීය. කණ්ඩායමේ කළමනාකරු ලෙස ලුතිනන් කර්නල් ජානක රිටිගහපොළ මහතා කටයුතු කරයි.

- 213


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ වෙඩිතැබීමේ තරගාවලියට 3 ක් කොරියාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.