Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනුරපුරයෙන් හදිසි විධායක සභා රැස්වීමේ ​තොරතුරු ඉල්ලයි

අනුරපුරයෙන් හදිසි විධායක සභා රැස්වීමේ ​තොරතුරු ඉල්ලයි

editorial - 2024 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පසුගිය  අඟහරුවාදා (12) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී පත්කර ගත් නිලවරණ කමිටුව අවලංගු කරමින් ඒ සඳහා  නැවැත මෙම 26 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට හේතුවූ කාරණා පැහැදිලි කරන ලෙස ඉල්ලා අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම්  උපුල් චන්දන ප්‍රියනාත් මහතා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අඟහරුවාදා පැවැති විශේෂ මහ සභා රැස්වීමේ දී නිර්දේශ කර ගත් නිලවරණ කමිටුව නැවත වෙනස් කිරීම සඳහා යළිත් විශේෂ මහ සභා රැස්වීමක් මාර්තු 26 වැනිදා කැඳවීමට තීරණය ගත් පාපැදි සම්මේලනය අඟහරුවාදා (12) රාත්‍රියේ දී පැවැති හදිසි විධායක සභා රැස්වීමට සහභාගි වූවන් මෙන්ම එය පැවැත්වූයේ කිනම් ස්ථානයක ද යන්න පිළිබඳවත් එහිදී පැහැදිලි කරන ලෙස අදාළ ලිපිය මගින් උපුල් චන්දන ප්‍රියනාත් මහතා පාපැදි සම්මේලනයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 අඟහරුවාදා  පැවැති විශේෂ මහ සභා රැස්වීමේ දී නිලවරණ කමිටුව සඳහා පත්කර ගන්නා ලද නිලධාරින් යෝජනා ස්ථිරත්වයෙන් අනුමත කර අවසන්ව තිබූ බැවින් නිලවරණ කමිටුව සම්බන්ධයෙන් පසුව පැන නැගුණු බව කියන කාරණා සම්බන්ධයෙන් එහිදී පාපැදි සම්මේලනයේ සාමාජිකයන්ට කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය බව ද එමගින් අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමය වැඩිදුරටත් කරුණු අවධාරණය කර ඇත.


අදහස් (2)

අනුරපුරයෙන් හදිසි විධායක සභා රැස්වීමේ ​තොරතුරු ඉල්ලයි
  • B J සුමනසේකර Sunday, 24 March 2024 08:53 AM

    ඔහු ගත් තීන්දු තීරණ හැමදාමත් තනියම ගත් ඒවා බව සඳහන් කිරිමට කැමතියි. ලිඛිතව අප වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි...

    Reply 0       0

    B.j sumanasekara Thursday, 04 April 2024 05:23 AM

    අප දන්නා තරමින් පාපැදි ඉතිහාසයේ කවමදාකවත් පාපැදි විවස්ථාව කඩකරමින් මෙවැනි බලහත්කාරයෙන් පාලනය කරගෙන යන පාපැදි සම්මේලනයක් තිබුනේ නැත. ඇයි මේ තරම් බලයෙන් මේක පාලනය කරන්නේ? පාපැදි සම්මේලනයට ලැබුණු මුදල් පිළිබඳව ද ගැටලු රාශියක් ඇති බව පසුගිය සහා වාරයේදි මුදල් අනුමත කරගන්න සැහේන වේලාවක් ගියවිට සංශෝධනවලට යටත්වයි අනුමත කළේ... දූෂිතම පාලනයක් කරගෙන යන වර්තමාන පාපැදි සම්මේලනය එලවා දැමිය යුතුයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.