Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් පාසල් චෙස් තරගාවලිය 15 - 16

අන්තර් පාසල් චෙස් තරගාවලිය 15 - 16

editorial - 2022 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ගාලු‍ දිස්ත්‍රික් චෙස් සංවර්ධන පදනම පළමු වරට සංවිධානය කරන ගාලු‍ දිස්ත්‍රික් අන්තර් පාසල් කේවල චෙස් තරගාවලිය මේ මස 15 සහ 16 දෙදින අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී  බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.

තරගාවලියට සහභාගිවිය හැක්කේ ගාලු‍ දිස්ත්‍රික්කයේ පාසල්වල බාලක, බාලිකාවන්ට පමණි.

තරගාවලිය වයස 6න් පහළ, 7න් පහළ, 8න් පහළ, 10න් පහළ, 12න් පහළ, 15න් පහළ සහ 20න් පහළ බාලක හා බාලිකා අංශ දෙකින්ම පැවැත්වේ.

තරගාවලිය තරග වට 6 කින් සමන්විතය. දිනකට තරග වට තුන බැගින් තරග වට හය නිමාවට පත් කෙරේ.

තරග වට හයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත එක් එක් වයස් කාණ්ඩවල ශුරතාව, අනු ශුරතාව සහ තෙවැනි ස්ථාන තෝරාගනු ලබයි.

එම ස්ථාන සදහා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලබන බව සංවිධායකයෝ කියති.


අදහස් (0)

අන්තර් පාසල් චෙස් තරගාවලිය 15 - 16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.