Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අංගම්පොර තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

අංගම්පොර තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දේශීය ජන ක්‍රීඩාවක් හා සටන් ශිල්පයක් ලෙස පැවත එන ‘අංගම්පොර’ සංරක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත් විජිත යුගයේ පනවා තිබූ තහනම ද මෙම කැබිනට් අනුමැතියත් සමග අහෝසි වේ. ඒ අනුව ඉංග්‍රීසින් පනවා තිබූ මෙම තහනම ඉදිරියේ දී ක්‍රීඩා ඇමතිවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයකින් අහෝසි කෙරේ.

ඒ අනුව ක්‍රීඩා ඇමතිවරයා අංගම්පොර ක්‍රීඩාව නැවත ජනගත කිරීම සඳහා උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

අංගම්පොර සටන් කලාවට අදාළ පසුබිම හා ඉතිහාසය ගවේෂණය කිරීම, පර්යේෂණ හා පරිසංවාද සංවිධාන කිරීම, මෙම තොරතුරු මාධ්‍ය ගත කිරීම, අංගම්පොර ශිල්පීන් සඳහා වන අවශ්‍ය පහසුකම් සැපයීම, අංගම්පොර ක්‍රීඩාව මෙරට සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගැනීම, සංදර්ශනාත්මක ප්‍රදර්ශන සංවිධානය කිරීම, ශාරීරික අධ්‍යාපන විෂය සඳහා අංගම්පොර ක්‍රීඩාව එක්කර ගැනීමේ හැකියාව විමසීම ආදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමින් අංගම්පොර ක්‍රීඩාව මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් බලාපොරොත්තු වන බව එය ඉදිරිපත් කළ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.


අදහස් (0)

අංගම්පොර තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.