Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2022 දී තුරඟ තරගාවලි 15 ක්

2022 දී තුරඟ තරගාවලි 15 ක්

editorial - 2021 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
ලබන වසරේදී (2022) නුවරඑළිය තුරඟ තරග පිටියේදී තරගාවලි 15 ක් පැවැත්වීම සඳහා කොළඹ රාජකීය තුරග සමාජය කටයුතු යොදා ඇත. ඊට වසරේ ප්‍රධානතම තුරඟ තරග දෙක වන ආණ්ඬුකාර කුසලාන තරගය සහ මැජික් මිලියන් තරගයද ඇතුළත් වේ.

ජනවාරි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ආරම්භ වන මෙම තුරඟ තරගාවලි මාලාව දෙසැම්බර් මස 26 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියෙන් නිමාවට පත් වනු ඇත. එහිදී මැයි මස හැර අනෙක් සෑම මාසයකදීම එක් තරගාවලියක් හෝ පැවැත්වීමට රාජකීය තුරඟ සමාජය සලසුම් කර තිබේ.

 අප්‍රේල් මාසයේදී නුවරඑලිය වසන්ත සමය වෙනුවෙන් තරගාවලි 3 ක් පැවැත්විමට නියමිතය. පාසල් නිවාඩු මාස ලෙස සැලකෙන අගොස්තු සහ දෙසැම්බර් මාසවලදී තරගාවලි 2 බැගින් පැවැත්වීමටද රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා තිබේ.

කාලගුණික තත්ත්වයන් සහ Covid-19 වසංගත තත්ත්වයන් යහපත් අයුරින් පැවතුණහොත් මෙම තරගාවලි සියල්ල නොකඩවා පැවැත්වීමට නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජකීය තුරඟ සමාජයේ නව විධායක කමිටුව තීරණය කර තිබේ. රියොටා හකරියා මහතා රාජකීය තුරඟ සමාජයේ ලේකම් ධූරයේ  කටයුතු කරයි.  

පසුගියදා නුවරඑළිය ප්‍රදේශයට ඇද හැළුණ අධික වර්ෂාව සහ පැවතුණ Covid-19 වසංගත තත්ත්වය මත රට වසා තැබීම හේතුවෙන් අවසන් වරට අප්‍රේල් මාසයේදී පැවැත්වූ මැජික් මිලියන් තරගාවලියට පසු මෙම වසර (2021) තුළදී යළිත් තුරඟ තරගාවලියක් පැවැත්වීමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ පැරණිම තුරඟ තරගාවලිය වන ආණ්ඬුකාර කුසලාන තරගාවලිය අප්‍රේල් මස 16 වැනිදා පැවැත්වෙන අතර අප්‍රේල් 23 වැනිදා පැවැත්වෙන මැජික් මිලියන් තරගාවලිය වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන   තරගාවලිය ලෙස සැලකේ.


2022  වසරේ තුරඟ තරගාවලි කාලසටහන

1 - ජනවාරි 16 (ඉරිදා)
2 - පෙබරවාරි 05 (සෙනසුරාදා)
3 - මාර්තු 19 (සෙනසුරාදා)
4 - අප්‍රේල් 03 (ඉරිදා)
5 - අප්‍රේල් 16 (සෙනසුරාදා)
6 - අප්‍රේල් 23 (සෙනසුරාදා)
7 - ජූනි 12 (ඉරිදා)
8 - ජූලි 17 (ඉරිදා)
9 - අගෝස්තු 13 (සෙනසුරාදා)
10 - අ‍ගෝස්තු 28 (ඉරිදා)
11 - සැප්තැම්බර් 11 (ඉරිදා)
12 - ඔක්තෝබර් 23 (ඉරිදා)
13 - නොවැම්බර් 06 (ඉරිදා)
14 - දෙසැම්බර් 10 (සෙනසුරාදා)
15 - දෙසැම්බර් 26 (සඳුදා)


අදහස් (0)

2022 දී තුරඟ තරගාවලි 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.