ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලේ උස පැනීම පිරිමි ඉසව්වේදී ශ්රී ලංකා යොවුන් ක්රීඩක සෙනිරු අමරසිංහ සිවුවැනි ස්ථානයට පත්විය. සෙනිරු එහිදී මීටර 2.14 ක උසක් පනිමින් ඔහුගේ තරග දිවියේ හොඳම දක්ෂතාව වාර්තා කළේය.
මෙහිදී තෙවැනි ස්ථානයට පත්වූ යුක්රේන ක්රීඩකයාද මීටර 2.14 ක උසක් වාර්තා කළ අතර ඔහු සෙනිරුට පෙර අවස්ථාවේදී එම දස්කම දැක්වීම හේතුවෙන් තෙවැනි ස්ථානය හිමිවිය.
චීන ක්රීඩක ලොංග් චිං සහ ඕස්ටේ්රලියානු ක්රීඩක ඔස්කාර් මීර්ස් මීටර 2.22 ක උසක් පනිමින් රන් සහ රිදී පදක්කම් දිනාගත්හ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.