(ශානුක අරවින්ද)
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රිඩා සංකීර්ණයේදී පැවැති කනිෂ්ඨ විවෘත සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ ස්කොෂ් ශූරතාවලියේ ශූරයා ලෙස කොළඹ රාජකීය විදුහලේ මතීෂ විජේසේකරද, ශූරිය ලෙස කොළඹ කාන්තා විදුහලේ නෙත්මි වික්‍රමසිංහද සම්මාන දිනාගත්හ.
වයස 19 න් පහළ බාලක අවසන් තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ මොහොමඩ් රිල්වාන් පරාජය කිරීමට මතීෂ සමත් වූ අතර වයස 19 න් පහළ බාලිකා අවසන් තරගයේදී මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ ශස්මින් බූසෝ පරාජය කිරීමට නෙත්මි සමත් වූවාය.
අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 6 යටතේ බාලක සහ බාලිකා ඉසව් පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 ක් පමණ සහභාගි වූහ.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලය සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සී.ඩී.බී. ෆිනෑන්ස් සමාගම කටයුතු කළේය. තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සී.ඩී.බී. ෆිනෑන්ස් සමාගමේ අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මෙවන් රණසිංහ මහතා සහභාගි විය.
බාලක තරග ප්‍රතිඵල
වයස 9 න් පහළ
ශූරතාව - සස්රුක ගමගේ (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
අනු ශූරතාව - සොහෙබ් ඩීන් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
වයස 11 න් පහළ
ශූරතාව - කෙනුල හිරුසර (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
අනු ශූරතාව - ලුනාෂ මුදලිගේ (කොළඹ මහානාම විදුහල)
වයස 13 න් පහළ
ශූරතාව - හාෂිඩ් අමීර් (ලෝරි ජාත්‍යන්තර පාසල)
අනු ශූරතාව - දනුජ සෙත්සර (කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාලය)
වයස 15 න් පහළ
ශූරතාව - ආකේන් කෝනාර (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
අනු ශූරතාව - දිසස් සුබසිංහ (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
වයස 17 න් පහළ
ශූරතාව - මනුත් සන්දිර (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
අනු ශූරතාව - රනුක පිලපිටිය (කොළඹ රාජකීය විදුහල)
වයස 19 න් පහළ
ශූරතාව - මතීෂ විජේසේකර (කොළඹ රාජකීය විදුහල)
අනු ශූරතාව - මොහොමඩ් රිල්වාන් (මරදාන ශාන්ත ජෝෂප් විදුහල)
බාලිකා තරග ප්‍රතිඵල
වයස 9 න් පහළ
ශූරතාව - සනුලි යහන්සා (ගම්පහ සුමේද විදුහල)
අනු ශූරතාව - ස්වයිරි ද සිල්වා (කොළඹ කාන්තා විදුහල)
වයස 11 න් පහළ
ශූරතාව - තිනාලි දස්වත්ත (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)
අනු ශූරතාව - සයුරි ද සිල්වා (කොළඹ කාන්තා විදුහල)
වයස 13 න් පහළ
ශූරතාව - නෙතන්‍යා වික්‍රමසිංහ (කොළඹ කාන්තා විදුහල)
අනු ශූරතාව - ලිවිනි ජයවර්ධන (කොළඹ විශාකා විදුහල)
වයස 15 න් පහළ
ශූරතාව - සිතුම්ලි රුහන්සා (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
අනු ශූරතාව - චනුමි නිම්තරා (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
වයස 17 න් පහළ
ශූරතාව - තේද්‍රා ලියනගේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)
අනු ශූරතාව - මෙතුකි සමරනායක (කොළඹ දේවි බාලිකා විදුහල)
වයස 19 න් පහළ
ශූරතාව - නෙත්මි වික්‍රමසිංහ (කොළඹ කාන්තා විදුහල)
අනු ශූරතාව - ශස්මින් බූසෝ (මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහල)


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.