
(කටුනායක ටී.කේ.ජී. කපිල)
නේපාලයේ පැවැත්වෙන 55 වැනි ආසියානු කායවර්ධන ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු අද (31 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
මෙම තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර හෙට (1 වැනිදා) සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මේ සදහා සහභාගී වීමට ක්‍රීඩකයින් 6 දෙනෙකු, ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහ එක් නිලධාරීවරයෙකු ද එක්ව සිටියහ.
මෙම පිරිස අද අලුයම 03.00 ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.