Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශෂිකලාගේ දස්කම් ගාල්ලට ජය ගෙනෙයි

ශෂිකලාගේ දස්කම් ගාල්ලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 62 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය.


කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ගාල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 49 ක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205 ක් පමණි.


ශෂිකලා සිරිවර්ධන (58) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අශිනි පෙරේරා ලකුණු 36 ක් ද නිලක්‍ෂි ද සිල්වා නොදැවී ලකුණු 27 ක් සහ ලිහිණි අප්සරා ලකුණු 22 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායම ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. 


චමරි අතපත්තු සහ කවීශා දිල්හාරි කඩුලු 3 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ පිතිකාරියන් මෙල්ල කිරීමට සමත්වූහ.


ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 42.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.


කවීශා දිල්හාරි ලකුණු 44 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.


පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ශෂිකලා සිරිවර්ධන ලකුණු 23 කට කඩුලු 3 ක් දචාගත් අතර සත්‍යා සංදීපනි ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත්තාය.

 

ගාල්ල කණ්ඩායම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 205
ශෂිකලා සිරිවර්ධන 58, අශිනි පෙරේරා 36, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 27, ලිහිණි අප්සරා 22, චමරි අතපත්තු 25/3, කවීශා දිල්හාරි 48/3)

දඹුල්ල කණ්ඩායම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(කවීශා දිල්හාරි 44, අෂිණි කුලසූරිය 31/3, ශෂිකලා සිරිවර්ධන 23/3, සත්‍යා සංදීපනි 15/2)


අදහස් (0)

ශෂිකලාගේ දස්කම් ගාල්ලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.