මෙවර මේසපන්දු නිලවරණයේදී සභාපති ධූරය සඳහා එම සංගමයේ හිටපු උප සභාපතිවරුන් දෙදෙනෙක් නාමයෝජනා ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් සභාපති පුටුවේ වාඩිකරවීමට මහත් උත්සාහයක් දරන්නේ තවමත් ක්‍රීඩාවේ නිරතවන මේසපන්දු ක්‍රීඩකයෙක් බවද තතු දන්නෝ පවසති.
මින් පෙර අවස්ථා කිහිපයකදීම මේසපන්දු ක්‍රීඩාවේ පරිපාලනයට ඇඟිලිගසන බවට චෝදනා ලැබ සිටින මෙම ක්‍රීඩකයා සහ නිලවරණයේදී ඔහු සහාය දක්වන අපේක්ෂකයා, පිළිවෙලින් මේසපන්දු සංගමයේ අනු ක්‍රීඩා සමාජයක ලේකම් සහ සභාපති ධූරයන් දරණ බවටද තොරතුරු අනාවරණය තිබේ.
තමා සහාය දක්වන අපේක්ෂකයාට මෙවර නිලවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස මෙම ක්‍රීඩකයා දුරකථන ඇමතුම් ඔස්සේ මේසපන්දු සංගමයේ අනු සංගම්වල සහ ක්‍රීඩා සමාජවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද මේ දිනවල මේසපන්දු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.