Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුක්මාල් පදක්කමක් පෙනි පෙනී නවතී
පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා

රුක්මාල් පදක්කමක් පෙනි පෙනී නවතී

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතිය යටතේ අද (4 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී ගයානාවේ ඒබ්‍රහම් මෙන්සා හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රුක්මාල් ප්‍රසන්නට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ වට 3 අවසානයේ විනිසුරු තීරණ 3-1 ක් ලෙස රුක්මාල් පරාජයට පත්විය. පළමු වටය අවසානයේ ප්‍රතිවාදියාට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටි රුක්මාල්, දෙවැනි වටයේදී ප්‍රතිවාදියාට වඩා එක් ලකුණක් පසුපසින් සිටියේය.
 
ඒ අනුව පළමු සහ දෙවැනි වටවල ලකුණු එකතුව අනුව තෙවැනි වටය ආරම්භ කරන විට ගයානා ක්‍රීඩකයාට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටි රුක්මාල්, තෙවැනි වටයේදී ලකුණු 3 ක වාසියක් ලබාගත්තේය. ඒ අනුව වට 3 අවසානයේ සිය ප්‍රතිවාදියාට වඩා එක් ලකුණක් පමණක් පසුපසින් සිටිමින් රුක්මාල් පරාජයට පත්විය.

විනිසුරු තීරණ අනුව බලන කළ විනිසුරුවන් 5 දෙනාගෙන් තිදෙනෙක් ගයානා ක්‍රීඩකයාටද, එක් විනිසුරුවරයකු රුක්මාල්ටද වැඩි ලකුණු ලබා දී තිබිණ. සෙසු විනිසුරුවරයා ක්‍රීඩකයන් දෙදෙනාටම ලබාදී තිබුණේ සම ලකුණුය.

තරගයේ දෙවැනි වටයේදී රුක්මාල් ප්‍රධාන විනිසුරුවරයාගෙන් අවවාද ලැබූ අතර තෙවැනි වටයේදී ක්‍රීඩකයන් දෙදෙනාම විනිසුරුගේ අවවාදයන්ට ලක්වූහ. බොක්සිං ඉසව්වේදී අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩකයන් සිවුදෙනාටම පදක්කම් හිමිවන බැවින් මෙහිදී රුක්මාල්ට පදක්කමක් අහිමි වූයේ පෙනි පෙනීය.


අදහස් (0)

රුක්මාල් පදක්කමක් පෙනි පෙනී නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.