Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රවිඳු - ශමිල් අවසන් යුගල 16 අතරට

රවිඳු - ශමිල් අවසන් යුගල 16 අතරට

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස‍්කොෂ් පිරිමි යුගල මූලික වටය (32 දෙදෙනාගේ) යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී ගයානාවේ ෂොමාරි විලිට්ෂියර්ට සහ ජේසන් ඛලීල්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් සමත් වූහ.

‍මෙම ජයග්‍රහණයත් සමග පිරිමි යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද රවිඳුට සහ ශමිල්ට හැකි වූහ.‍ එහිදී ඔවුන් ඕස්ට්‍රේලියාවේ කැමරන් පිලේට සහ රයිස් ඩවුන්ලිට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

රවිඳු සහ ශමිල් සහභාගි වන පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (5 වැනිදා) පස්වරු 4.30 ට ආරම්භ වීමට කටයුතු යොදා තිබේ.


අදහස් (0)

රවිඳු - ශමිල් අවසන් යුගල 16 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.