Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මෙන්ඩිස්ලාගේ ස්පාර්ටන්ස් පිලට කඩුලු 4 ක ජයක්

මෙන්ඩිස්ලාගේ ස්පාර්ටන්ස් පිලට කඩුලු 4 ක ජයක්

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පර්ල් රොක්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (5 වැනිදා) පැවැති තරගයකදී කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය ස්පාර්ටන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කළ රූබී ෆ්‍රයිලින්ක් ස්පාර්ටන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පර්ල් රොක්ස් කණ්ඩායම ඕවර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස්කළේය. එහිදී දක්ෂ පන්දු යැවීම නිරත වූ ලූතෝ සිපම්ලා සහ ෂොන් වොන්බර්ග් කඩුලු 3 බැගින් දවාගත් අතර ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මූලික වටයේ තරග 21 ක් අවසානයේදී තරගාවලියේ වැඩිම විට වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද පා දඟ පන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සමත්ව සිටියි. ස්පාර්ටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 6 කට සහභාගි වී ඇති ඔහු එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 15 කි. නෙල්සන් මැන්ඩෙලා ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ට කඩුලු 4 ක් දවාගැනීම එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

ඊට අමතරව ඩර්බන් හීට් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 කට කඩුලු 2 ක්, පර්ල් රොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 2 ක් සහ ජෝෂි ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 37 කට කඩුලු 2 ක්, කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 33 කට කඩුලු 2 ක්,  පර්ල් රොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගැනීමටද මෙන්ඩිස් සමත්ව සිටියි.

-036


අදහස් (0)

මෙන්ඩිස්ලාගේ ස්පාර්ටන්ස් පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.