Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් ක්‍රීඩාවට අන්තර්ජාතික තහනමක්

පිහිනුම් ක්‍රීඩාවට අන්තර්ජාතික තහනමක්

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පරිපාලනය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනය (ෆීනා) විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලනය මේ වන විට ත්‍රිපුද්ගල අතුරු කමිටුවකින් ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකාවෙන්ම යොමු වූ විරෝධතා සැළකිල්ලට ගනිමින් අන්තර්ජාතික ජලක්‍රීඩා සම්මේලනය මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.  

 මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පිහිනුම් තරගාවලිවලට සහභාගි විය නොහැකි වනු ඇත. ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ලබන ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය ඒ හේතුවෙන් කල්දැමීමට පියවර ගෙන තිබේ. 

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 කින් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව තිබූ අතර වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගි කරවන ශ්‍රී ලංකාව සහභාගි නොවීම තරගාවලියේ සාර්ථකත්වයට ගැටළුවක් බැවින් මෙම තරගාවලිය කල්දමා තිබේ. 

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා අතුරු කමිටුවේ සභාපති ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ (සංවර්ධන) රුවන් සත්කුමාර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තමන්ට තහනම පිළිබඳව නිල වශයෙන් දැනුම්දී නොමැති වුවද දකුණු ආසියානු පිහිනුම් තරගාවලියේ සංවිධායකයන් තරගාවලිය කල්දැමීම පිළිබඳව දැනුම්දීමෙන් තහනමක් පනවා ඇති බව තහවුරු වන බවයි. 

“හිටපු පරිපාලනය අපිට ජල ක්‍රීඩා සංගමයේ ඊමේල් එකේ රහස් පදය ලබාදී නෑ. ඒ නිසා අපිට ඊමේල් බලන්න බෑ” 

“අපි මේ පිළිබඳව ෆීනා එකට හිටපු පරිපාලනය විසුරුවා හරින්න හේතු ඇතුළුව ලියන්න ඉහන්නේ. නිලවරණය ඉක්මනින් පවත්වන බවත් දැනුම් දෙනවා” යැයි සත්කුමාර මහතා වැඩි දුරටත් පැවසීය.   


අදහස් (0)

පිහිනුම් ක්‍රීඩාවට අන්තර්ජාතික තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.