Last Update  :  2025-11-26 17:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

පැසිපන්දු ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්)

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17 න් පහල ලීග් තරඟාවලියේ A කාණ්ඩයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල විසින් හිමිකර ගන්නා ලදි. ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ මෙම තරගාවලියේදීම අපරාජිතව සිටිමින් ශූරතාව දිනාගත්හ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශාන්ත ජෝෂප්  විදුහලේ ඒරන් ජෙරාඩ් තෝරා ගැනිණි.

අවසන් පූර්ව වටයේදී ගේට්වේ විදුහල ලකුණු 72 - 52 කින් පරාජය කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගත්හ. අවසන් මහ තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී රාජගිරිය ගේට්වේ විදුහල ලකුණු 53 - 56 ක් ලෙසින් පරාජය කරමින් ශාන්ත ජෝශප් විදුහල මෙම ජයග්‍රහණය අත් කර ගත්තේය.


අදහස් (0)

පැසිපන්දු ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.