Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිර්මල - පුෂ්පකුමාර ආසියානු පදක්කම් දිනති

නිර්මල - පුෂ්පකුමාර ආසියානු පදක්කම් දිනති

Nisanka Sandeepani - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ඊයේ (10 වැනිදා) පැවැති ඉසව්වලදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්  දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිර්මල බුද්ධික සහ එල්.ඒ.එල්. පුෂ්පකුමාර සමත් වූහ. නිර්මල දුර පැනීමේ ඉසව්වෙන්ද, පුෂ්පකුමාර උස පැනීමේ ඉසව්වෙන්ද එම පදක්කම් දිනාගත්හ. 

ටී.42/61/63 කාණ්ඩයේ (පිරිමි) දුරපැනීමේ ඉසව්වට සහභාගි වූ නිර්මල බුද්ධික, මීටර් 5.37 ක දුරක් පනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. සිය පළමු උත්සාහයේදීම එම දක්ෂතාව දැක්වීමට නිර්මල සමත් වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 

ටී.44/64 කාණ්ඩයේ (පිරිමි) උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට එල්.ඒ.එල්. පුෂ්පකුමාර සමත් වූයේ එහිදී මීටර් 1.76 ක උසක් පනිමිනි. එම ඉසව්වේ රන් පදක්කම උස්බැකිස්තානයටත්, රිදී පදක්කම ජපානයටත් හිමිවිය. 

තරගාවලියට සහභාගි වී සිටින රටවල් 44 අතරින් 33 ක්ම මේ වන විට පදක්කම් ලබා සිටින අතර රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පසුවන්නේ එහි 14 වැනි ස්ථානයේය. 

-036 


අදහස් (0)

නිර්මල - පුෂ්පකුමාර ආසියානු පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.