Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ධර්මසේන - රණවීර යුගල ශූරතාව දිනති

ධර්මසේන - රණවීර යුගල ශූරතාව දිනති

Nisanka Sandeepani - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිහිදී පැවැති ජාත්‍යන්තර විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුරේෂ් ධර්මසේන සහ ලසන්ත රණවීර සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ජපානයේ දයිසුකේ අරයි සහ යොෂිනොබු ෆුජිමොටෝ පරාජය කරමින් ධර්මසේන සහ රණවීර මෙම ශූරතාවට හිමිකම් කීහ.

ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 7/5 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගත් ධර්මසේන සහ රණවීර, දෙවැනි වටයේදී ජපන් කණ්ඩායමට එරෙහිව ලකුණු 6/3 ක් පහසු ජයක් වාර්තා කළහ.

මෙම තරගාවලියේ පිරිමි කේවල අනු ශූරතාව හිමිකර ගැනීමට සුරේෂ් ධර්මසේන සමත් විය. අවසන් මහ තරගයේදී ජපානයේ සතෝෂි සායිදා හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය පත්වීම නිසා ඔහුට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එම තරගයේ ලකුණු තත්වය 6/2 ක් සහ 7/5 ක් ලෙස සටහන් විය.

අවසන් පූර්ව වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන යොෂිනොබු ෆුජිමොටෝ පරාජය කරමින් ධර්මසේන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටයේදී ලකුණු 7/5 ක තියුණු ජයක් ලැබූ ධර්මසේන, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/2 ක් ලෙසිනි.

 

 

- 036


අදහස් (0)

ධර්මසේන - රණවීර යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.