ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපති ඕබ්‍රි පීරිස් මහතා ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියකු ලෙස සුදුසුකම් ලබා තිබේ. ඔහු එම තනතුරට සුදුසුකම් ලබා ඇත්තේ මේ මස ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියට සමගාමීව ලෝක බොක්සිං සංගමය සංවිධානය කළ උසස් මට්ටමේ පරීක්ෂණක් සමත්වීමෙනි.
ඕබ්‍රි පීරිස් මහතා 2011 වසරේ සිට 2015 වසර දක්වා වසර 5 ක කාලයක් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක් ලෙස ඔහු 1984 වසරේදී පැවැති ටී.බී. ජයා බොක්සිං තරගාවලියේදී සහ 1985 වසරේදී පැවැති ස්ටබ්ස් පලිහ තරගාවලියේදී ජයග්‍රහණය ලබා ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.