Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උපහාර ලබති

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උපහාර ලබති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැති කැරම් ලෝක ශූරතාවලියේදී සහ ආසියානු දැල්පන්දු තරගාවළියේදී දක්ෂතා දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ. එහිදී ගුවන් හමුදාපතිවරයා විසින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෲප් කපිතාන් තුෂාර සිරිමාන්න, ගුවන් හමුදා දැල්පන්දු සංචිත සභාපතිනී ගෘාප් කපිතාන් සුරේඛා ඩයස් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල ලේකම් ගෲප් කපිතාන් පද්මන් ද කොස්තා ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


උපහාර ලැබූ ක්‍රිඩක ක්‍රිඩිකාවෝ

■    පියාසර ලුතිනන් චතුරංගි ජයසූරිය (ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා)
■    සැරයන් සුලේකා කුමාරි (දැල්පන්දු)
■    සැරයන් තිලිණි වත්තේගෙදර (දැල්පන්දු)
■    නායක ගුවන් කාන්තා දුලංගා ධනන්ජි (දැල්පන්දු)  
■    නායක ගුවන් කාන්තා යශිකා රාහුබද්ද (කැරම්)  
■    නායක ගුවන් කාන්තා චලනි ලියනගේ (කැරම්)  
■    නායක ගුවන් භට උදේශ් පෙරේරා (කැරම්)

 

පියාසර ලුතිනන් චතුරංගි ජයසූරිය (ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා)

සැරයන් සුලේකා කුමාරි (දැල්පන්දු)

සැරයන් තිලිණි වත්තේගෙදර (දැල්පන්දු)

නායක ගුවන් කාන්තා දුලංගා ධනන්ජි (දැල්පන්දු)  

නායක ගුවන් කාන්තා යශිකා රාහුබද්ද (කැරම්)

නායක ගුවන් භට උදේශ් පෙරේරා (කැරම්)

-036


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උපහාර ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.