ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරග ආරම්භ කරමින් සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී ඉන්දීය නැඟීඑන පිල ලකුණු 74 කින් ඇෆ්ඝනිස්තාන් නැඟීඑන පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 282 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ඝනිස්තාන් පිල ඕවර 44.4 කදී ලකුණු 207 කට සීමාවිය.
ඉන්දීය පිලේ දීපාක් හූදා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් 103 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දීයානු නැඟීඑන කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 8 ට 281
(අන්කුෂ් බයින්ස් 34, නිටිෂ් රනා 28, හිම්මාට් සිං 22, දීපාක් හූදා 105, ජයන්ට් යදව් 31, අටිට් ශීත් 31, ෆෂාල් හක් 54/3, කරීම් ජනාට් 49/2)
ඇෆ්ඝනිස්තානු නැඟීඑන කණ්ඩායම ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 207
(ඉසනුල්ලා ජනාට් 29, රමනුල්ලා ගුර්බාෂ් 39, ශිහිඩුල්ලා කමාල් 48, කරීම් ජනාට් 58, ජයන්ට් යදව් 27/3, මයන්ක් මර්කන්ඩි 41/3, අන්කිට් රාජ්පුට් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.