Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු නැඟීඑන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයේ තරග කොළඹදී

ආසියානු නැඟීඑන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයේ තරග කොළඹදී

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරග කොළඹදී හෙට (07) ආරම්භ වේ. තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරග පාකිස්තානයේ කරච්චි නුරවදී අද (06) ආරම්භ විය.

මෙම තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වන අතර ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය තරග කරයි.

පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ හොංකොං ‘බී’ කණ්ඩයේ තරග කරන අතර එම කාණ්ඩයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

මෙම තරගාවලියට ටෙස්ට් රටවල්වල නැඟීඑන කණ්ඩායම් සහභාගි වුවද ඕමානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ හොංකොං යන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල්වල ජාතික කණ්ඩායම් සහභාගි වෙයි.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත්කිරීම සඳහා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක, ඉන්දීය පිලේ නායක ජයාන්යට් යදව් සහ ඕමාන් පිලේ නායක ශීෂාන් මක්ෂූඞ් පැවසුවේ මෙම තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් බවයි.

තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ද, අද පැවැත්වේ.

අවසන් පූර්ව තරග මේ මස 13 වැනිදා ද, අවසන් මහ තරගය මේ මස 15 වැනිදා ද, කොළඹදී පැවැත්වීමට නියමිතය.   


අදහස් (0)

ආසියානු නැඟීඑන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයේ තරග කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.