නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (7 වැනිදා) පැවැති ඕමාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී ආබාධයන්ට ලක්වූ චරිත් අසලංක සහ ජෙෆ්රි වැන්ඩසේට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.
ලකුණක් කරා දිවයෑමේදී පය ලිස්සා යෑමෙන් බිම ඇදවැටුණු චරිත් අසලංක දණහිසේ ආබාධයකට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී රෝහල් ගත කර ඇත. අසලංක රෝහල් ගත කිරීමෙන් පසුව එම්.ආර්.අයි. පරීක්‍ෂාවකටද ලක්කර ඇති අතර ඔහුගේ ආබාධ තත්වය පෙර සිටම විටින් විට තිබී ඇත.
පන්දුවක් රැකීමට යෑමේදී බිම ඇදවැටුණු ජෙෆ්රි වැන්ඩසේද උරහිසේ ආබාධයකට ලක්වීමෙන් පසු එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇත.
ආබාධයන්ට ලක්වූ නායක චරිත් අසලංක සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට ශෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග කණ්ඩායමට එක්කර ඇති අතර හෙට පැවැත්වෙන ඇෆ්ලගනිස්තානූ තරගයේ සිට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සම්මු අෂාන් වෙත පැවරෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.