
ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ් බෝල්) සංගමය සංවිධානය කරන අත්පන්දු පුහුණු වැඩමුළුවක් මේ මස 9 – 10 දෙදින පුත්තලම නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා අත්පන්දු පුහුණුකරුවන්, විනිසුරුවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකිය.
ඔවුන්ගේ අත්පන්දු දැනුම එහිදී ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව යාවත්කාලීන කිරීම සඳහා පුහුණු වැඩමුළුව සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනය පවසයි.
ජාතික අත්පන්දු (හෑන්ඩ් බෝල්) තරගාවලිය මැයි 26 සිට 28 වැනිදා දක්වා පුත්තලම නගර සභා පිටියේදී පැවැත්වීමට නියමිතය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.