Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය වසර 57 කට පසුව සංවිධානය කරන ආසියානු බොක්සිං තරගාවලියක් මෙම මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය ලෙස නම් කර ඇති මෙම තරගාවලිය සඳහා ආසියානු රවවල් 25 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් පමණ සහභාගි වීමට නියමිත බව තරගාවලිය සම්බන්ධයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා පැවසීය.
එම රටවල් අතරින් ඉන්දියාව, කසකස්ථානය, උස්බැකිස්තානය, ඕස්ටේ්‍රලියාව සහ තාලියලන්තය ප්‍රධාන තැනක් ගන්නා බවද, එම රටවල්වලට නොදෙවෙනි කණ්ඩායමක් මෙම තරගාවලි සඳහා ශ්‍රී ලංකාවෙන්ද ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය සූදානමින් සිටින බවද බණ්ඩාර මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප ලේකම් බි්‍රගේඩියර් කසුන් අධිකාරි මහතා කියා සිටියේ බොක්සිං තේරීම් කමිටුව විසින් තරගාවලිය සඳහා තෝරාගනු ලැබූ කණ්ඩායම අප්‍රේල් මස 18 වැනිදා සිට මෙම මස 10 වැනිදා දක්වා නේවාසික පුහුණු කඳවුරකට සහභාගි වී සිටින බවය.
කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය තුළ පැවැත්වෙන එම නේවාසික පුහුණු කඳවුරේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමිල අරවින්ද සහ සුජීව දසනායක යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රවීණ පුහුණුකරුවන් 6 දෙනකුගෙන් සමන්විත පුහුණුකරු මණ්ඩලයක් යටතේ පුහුණුවීම්වල නිරත වන බවද අධිකාරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. එහිදී වයස 22 න් පහළ කාණ්ඩයේ තරග සඳහා 2003 ත් 2006 ත් අතර වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදිය හැකිය. යෙවුන් කාණ්ඩයේ තරග සඳහා සහභාගි විය හැක්කේ 2007 සහ 2008 වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.
මාධ්‍ය හමුවට සහභාගි වූ ආසියානු බොක්සිං සම්මේනයේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා මරීනා නී මහත්මිය කියා සිටියේ මෙම තරගාවලියේදී රන් පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 1000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට ජාත්‍යන්තර බොක්සිං සංගමය ඉදිරිපත්වී සිටින බවය. එහිදී රිදී පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 500 බැගින්ද, ලෝකඩ පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 250 බැගින්ද ලබාදීමට නියමිත බවද ඇය කියා සිටියාය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ලේකම් තරංග පෙරේරා මහතා සඳහන් කළේ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ජාත්‍යන්තර බොක්සිං සංගමයෙන් ලබාදෙන ඇමරිකානු ඩොලර් 100,000 ක (රුපියල් කෝටි 3 ක පමණ) මුදලද සමග සංවිධාන කටයුතු සඳහා වැය වන මුලු මුදල රුපියල් කෝටි 18 ක් බවය. ඉන් රුපියල් කෝටියකට වැඩි මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වැය වන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.