Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කාන්තා තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් අද (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 147 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 9.2 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් දැවී ලකුණු 149 ක් ලබාගත්තේය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ප්‍රාතිකා රාවල් (නොදැවී 50) සහ හර්ලීන් ඩියොල් (නොදැවී 48) ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. දෙදෙනා එක්ව හතරේ පහර 11 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට සංග්‍රහ කළේ ඕවර 20 කින් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගෙඩානඟමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 147 කට දැවී ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් හසිනි පෙරේරාත් (30) ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9 ක් ලකුණු 93 ක් ඇතුළතදී බිඳ වැටිණ.
අදත්, චමරි අතපත්තුගේ අසාර්ථකවීම ශ්‍රී ලංකා කණ්ඩායමට අහිතකර ලෙසින් බලපානා ආකාරය කදිමට විද්‍යමාන වූ දිනයකි. ලකුණු 07 ක් පමණක් ලබාගත් චමරි අතපත්තු දැවී යන විට ලකුණු පුවරුවේ මුලු ලකුණු සංඛ්‍යාව 23 ක් ලෙසින් දිස්විය.
නායිකාව දැවී ගියත් හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම (14) එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 54 දක්වා ඉහළ දැමූහ. එහෙත් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව හසිනි පෙරේරා දැවී යාමෙන් පසු ඉතිරි ක්‍රීඩිකාවෝ සියලු දෙනාම ලකුණු 93 කට දැවී ගියහ.
මැද පෙළ පිතිකාරිණියන් වූ කවීෂා දිල්හාරි (25), නිලක්‍ෂිකා ද සිල්වා (10) සහ අනුෂ්කා සංජීවනී (22) එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උක්සාහයක නිරත වූ නමුත් ලකුණු 150 සීමාව පසුකිරීමට ඔවුනට නොහැකි විය.
අද උදෑසන පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පැය දෙකකින් පමා විය.
ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් කාසියේ වාසිය දින පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර තරගය එක් පිලකට ඕවර 39 ක් දක්වා සීමා කරන ලදි. 29 හැවිරිදි පියුමි වත්සලා සහ මල්කි මදාරා අද ශ්‍රී ලංකා එක්දින හිස්වැසුම් දිනාගත්හ
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 147 යි
(හසිනි පෙරේරා 30, හර්ෂිතා සමරවික්‍රම 14, කවීෂා දිල්හාරි 25, නිලක්‍ෂිකා ද සිල්වා 10, අනුෂ්කා සංජීවනී 22, අචිනි කුලසූරිය 17, දීප්ති ෂර්මා 22/2, ස්නේ රානා 31/3, ශ්‍රී චරණි 26/2)
ඉන්දියානු කාන්තාවෝ - ඕවර 29.4 කදී කඩුල්ලක් දැවී 149 යි
(ප්‍රාතිකා රාවල් නොදැවී 50, ස්මි්‍රති මන්දනා 43, හර්ලීන් ඩියොල් නොදැවී 48, ඉනෝකා රණවීර 32/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.