Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆීජි ක‍්‍රීඩකයන් අවසන් මොහොතේදී ඉවතට

ෆීජි ක‍්‍රීඩකයන් අවසන් මොහොතේදී ඉවතට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර පැවැත්වෙන රග්බි තරගාවලියේ හොං කොං පිලට එරෙහිව අද (03) පැවැති තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෆීජි ජාතික ක‍්‍රීඩකයන් තිදෙනකු ක‍්‍රීඩා කරන බවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු ඊයේ (02) තහවුරු කළද මෙම තරගයට එම ක‍්‍රීඩකයෝ සහභාගි නොවූහ.

ආදාළ ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳව රග්බි සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ කැමැත්තක් නොතිබූ බවත් එම ක‍්‍රීඩකයන් ඇතුළත් ශ්‍රී ලංකා රග්බි සංචිතයට රග්බි තේරීම් කමිටුවේ සභාපතිවරයා සහ එක සාමාජිකයකු පමණක් අස්සන් කර තිබූ බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් රග්බි සංගමය මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නොමැත.

ෆීජි ජාතික ක‍්‍රීඩකයන් සිවුදෙනකු ශ්‍රී ලංකාවට ක‍්‍රීඩා කිරීමට සූදානම් කර තිබූ බවත් ක‍්‍රීඩකයන් දෙදෙනකු ෆීජි ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති බැවින් ශී‍්‍ර ලංකා සංචිතයෙන් ඉවත්වීමට සිදුවූ බවද වාර්තා වන අතර අදාල ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ක‍්‍රීඩා කිරීම සඳහා ඔවුන්ගේ ඇතැම් ලේඛණ වෙනස් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
 

 


අදහස් (1)

ෆීජි ක‍්‍රීඩකයන් අවසන් මොහොතේදී ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.