Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සා. තෝමස් විදුහලට පහසු ජයක්

සා. තෝමස් විදුහලට පහසු ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිතාර හපුහින්න (140) රැස්කළ අනගි ශතකය නිසා වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්සේදී පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 91 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් විය.

මෙහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් සිතාර හපුහින්න පන්දු 122 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 140 ක් රැස්කිරීමට සමත් විය.  

සාන්ත තෝමස් විදුහල ඕවර 50 යේදී කඩුලු 5 ට 301

(ශලින් ද මෙල් 74, සිතාර හපුහින්න 140, ක්‍රිෂාන් මුණසිංහ 31, මනීෂ රූපසිංහ 25, දිනෙත් ජයකොඩි 40/3)

ශාන්ත ජෝශප් විදුහල ඕවර 50 යේදී කඩුලු 9 ට 210
(ශිවාන් රසුල් 37, ඩබ්ලිව්. ද සිල්වා 32, දිනෙත් ජයකොඩි 62, අෂීන් ඩැනියල් 26, ඩෙලන් පීරිස් 32/2, තෙවින් ඊරියගම 13/2) 

 


අදහස් (0)

සා. තෝමස් විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.