Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහය දිවීමේ පිලට ලෝකඩ පදක්කම අහිමි වෙයි

සහය දිවීමේ පිලට ලෝකඩ පදක්කම අහිමි වෙයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 යි, තත්පර 02.74 ක කාලයක් වාර්තා කරමින් එහි සිවුවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉසව්වේ ලෝකඩ පදක්කම අහිමි වූයේ තත්පර 0.8 ක ප්‍රමාදයකිනි.  

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ මූලික වටයේදී විනාඩි 3 යි, තත්පර 06.66 කාලයක් වාර්තා කරමිනි. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය, මූලික වටයේ තරග නිමි කාලයට වඩා තත්පර 3.92 කින් අඩු වුවද, පදක්කමක් දිනාගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

නව ආසියානු වාර්තාවක්ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කටාර් කණ්ඩායම සමත් වූ අතර අවසන් තරගය නිමා කිරීම සඳහා ඔවුන්ට ගත වූ කාලය විනාඩි 3 යි, තත්පර 00.56 කි. එහි රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම (විනාඩි 3 යි, තත්පර 01.85) විසින්ද, ලෝකඩ පදක්කම ජපන් කණ්ඩායම (විනාඩි 3 යි, තත්පර 01.94) විසින්ද දිනාගනු ලැබූහ. 

-036 


අදහස් (0)

සහය දිවීමේ පිලට ලෝකඩ පදක්කම අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.