Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා - පෝලන්ත රග්බි තරගය හෙට

ශී‍්‍ර ලංකා - පෝලන්ත රග්බි තරගය හෙට

ශනුක අරවින්ද - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

’ඩයලොග් සෙරන්ඩිබ්’ කුසලාන ශ්‍රේණිගත කිරීමේ තුන්කොන් ජාත්‍යන්තර රග්බි තරගාවලියේ සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ ප‍්‍රබල පෝලන්ත පිල අතර තරගය නවීකරණය කළ කොළඹ තුර`ග තරග පිටියේදී හෙට (01) රාත‍්‍රි 7.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.

තරගාවලියේ අවසන් තරගය වන මෙම තරගයට සහභාගි වන ශ‍්‍රී ලංකාව සහ පෝලන්තය යන කණ්ඩායම් දෙකම මැඩගස්කරය හමුවේ පරාජයට පත්ව සිටීම නිසා මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිවේ.

මැඩගස්කර පිල මේ වන විටත් තරගාවලියේ ශූරයන් බවට පත්ව සිටියි. මැඩගස්කර පිල පළමු තරගයේදී ලකුණු 17 - 12 කින් ශ‍්‍රී ලංකාව ද, දෙවැනි තරගයේදී 25-x21 කින් පෝලන්තය ද පරාජය කළේය.

ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් රැසක් මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින අතර ඒ අතර ප‍්‍රබල ක‍්‍රීඩක ෆාසීල් මරීජා ද සිටින බව වාර්තා වේ. ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන දිනූෂ චතුරංග සහ අචල පෙරේරා පළමු තරගයේදී ආබාධයන්ට ලක්වූහ.

ශ‍්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 54 වැනි ස්ථානයේ ද, පෝලන්තය ශ්‍රේණිගත කිරීමේ 26 ස්ථානයේ ද, පසු වෙති. මැඩගස්කරය මේ වන විට ශ්‍රේණිගත කිරීමේ 37 වැනි ස්ථානයේ සිටියි.
 

 


අදහස් (1)

ශී‍්‍ර ලංකා - පෝලන්ත රග්බි තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.