Last Update  :  2026-01-19 17:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාරුජන් තෙවැනි ශතකය වාර්තා කරයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ශාරුජන් තෙවැනි ශතකය වාර්තා කරයි

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී ශතකයක් ලබාගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ ශාරුජන් ශන්මුගනාදන් (නොදැවී 103) අද (18 වැනිදා) සමත් විය. 

මෙවර තරගාවලියේදී ශාරුජන් ලබාගත් තෙවැනි ශතකය මෙය වන අතර මින් පෙර බදුරලිය ක්‍රීඩා සමාජනය එරෙහිව පැවැති තරගයේදී ලකුණු 123 ක්ද, කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 122 ක්ද රැස්කිරීමට ඔහු සමත් විය. 

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශාරුජන්, පන්දු 196 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. ඔහුගේ ශතකය හේතුවෙන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස්කිරීමට ද්‍රවිඩ සංගම් කණ්ඩායමට හැකි විය. 

ලකුණු 106 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඒස් කැපිටලට් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය වූ අද ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියහ. 


ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 206 
(කවිඳු ආමන්ත 36, රවීන් ද සිල්වා 62, ඉසිත විජේසුන්දර 35, තරිඳු රත්නායක 76/5, තීසාන් විතුෂාන් 42/3) 

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 312 
(සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 103, තරිඳු රත්නායක 31, විජයකාන්ත් වියස්කාන්ත් 31, රොෂාන් ජයතිස්ස 103/4, වනුජ සහන් 119/4) 
 
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 98
(කවිඳු ආමන්ත නොදැවී 30, රනේෂ් සිල්වා 48, තීසාන් විතුෂාන් 44/2) 


අදහස් (0)

ශාරුජන් තෙවැනි ශතකය වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.