Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ලකුණු 61ක ජයක්
17න් පහළ පාසල් ක්‍රිකට්

ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ලකුණු 61ක ජයක්

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 61ක ජයක් ලැබීමට මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සමත්විය.

මොණරාගල වෙල්ලස්ස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශාන්ත සර්වේෂස් විද්‍යාලය වෙනුවෙන් බිනාල් නෙත්මක පිත්තෙන් දස්කම් දැක්වීය.


මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය - ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී 184 යි
(බිනාල් නෙත්මක 67, කුසලක තරුල් 22, ජයර කවිශ්වර 22, ජනිත් අකේන් 27/4)
 
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී  123 යි
(මනිඳු පබසර 26, හිවිරු නිම්තරණ 24, තරුෂ නෙත්සර 17/4, ප්‍රවීන මධුෂ්ක 21/3)


අදහස් (0)

ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ලකුණු 61ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.