
නාමල් පතිරගේ
යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයේ එම ඉදිකිරීම් කටයුතු තාවකාළිකව අත් හිටුවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය කළ දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වලට බාධාවක් නොවන පරිදි ඊට යොදා ගන්නා අක්කර 48 ක් වන භූමි භාගය පළමුව නිදහස් කරදීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් එහිදී ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබේ.
ඒ පිළිබදව ‘ලංකාදීප’ය ඊයේ (24) ක්‍රිකට් ආයතනයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ අදාළ ඉදිකිරීම් කටයුතු සදහා පාරසරික ඇගයීම් අනුමැතිය ලබා නොගැනීමේ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කර තිබෙන විරෝධතාවක් හේතුවෙන් මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් දැනුම්දී තිබෙන බවයි.
පසුගිය සැප්තැම්බර් 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණය ඇතුළුව ඊට සමගාමිව සිදු කෙරෙන අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අක්කර 148 කින් හෙබි ක්‍රීඩා නගරයේ ඉදිකිරීම් කටයුතු සදහා මුල් ගල තැබීම සිදු විය.
ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයා මෙසේද පැවැසීය. ”ක්‍රිකට් ආයතනයට පළමුව වැදගත් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර අවසන් කිරීමයි.ඒ සදහා මෙම ක්‍රීඩා සංකීර්ණයේ අනෙකුත් ඉදි කිරීම් වලට පළමුව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකෙරන භූමි හාගයේ පවතින බාධා ඉවත් කර දෙන ලෙස අප වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියා.”
මෙම ක්‍රීඩාංගණය මුල් ගල තබන අවස්ථාවේදී ජනාධිපතිවරයාට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ 2026 ජනවාරි 14 දා වන විට එහි තණතීරුවේ පළමු පෙරහුරු තරගය පැවැත්විය හැකි බවයි.
එහෙත් දිට්වා සුළි කුනාටුවේ බලපෑමෙන් මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මූලික ඉදිකිරීම් කටයුතු ඇණ හිට තිබුණි. එහිදී වැස්සත් සමග එම භූමි භාගය ජලයෙන් යට වූ බවද වාර්තා විය.තණතීරු10 කින් සමන්විත මීටර 80 ක දුර සීමවකින් යුත් මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මූලික ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.
කෙසේවූවත් ඒ ආශ්‍රිතව ඉදි කෙරෙන ක්‍රීඩා නගරය වසර තුනක දිගුකාළීන ව්‍යාපෘතියකි.මේ අතර ක්‍රීකට් ආයතනය පවසන්නේ එළඹෙන මැයි මාසය අවසන්වීමට පෙර එහි පළමු පෙරහුරු තරගය පැවැත්විය හැකි බවයි.ආසන 40000 ක වපසරියකින් යුත් මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විස්සයි - 20 හා එක් දින ක්‍රිකට් තරග පැවැත්වීම සදහා යොදා ගන්නා බව ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
අදියර හතරකින් නිමා කෙරෙන මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් අදියර යටතේ එය රාත්‍රීයේදීත් තරග පැවැත්විය හැකි වන පරිදි විදුලි ආලෝක ධාරා පද්ධතිය සකස් කෙරේ.
මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණය ඉදි වෙන භූමි භාගය සංක්‍රමණික පක්ෂීන් බහුල ලෙස ගැවසෙන ජෛව විවිධත්වයෙන් අනූන තෙත් බිම් කලාපයක් බව පරිසරවේදිහු පවසති.ඔවුන් චෝදනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණය ඇතුළුව යෝජිත ක්‍රීඩා නගරයේ ඉදිකිරීම් ප්‍රමිතියෙන් බැහැරව සිදු කෙරෙන බවයි.
යෝජිත මණ්ඩතිව් ක්‍රීඩා නගරය පිහිනුම් සංකීර්ණයක්, අංගසම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩා පිටියක්, තරු පන්තියේ හෝටල්, අවන්හල්, මහල් නිවාස, සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද පහසුකම් වලින් සමන්විතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.