පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි සතිය යටතේ ගල්කිස්සේ අද (30) පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල ලකුණු 27-22 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කළේය.
ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත් අතර විද්‍යා විද්‍යාලයට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ශාන්ත පීතර විදුහලට පී. ඞී. එන්. පෙරේරා, කෙවින් ඩික්සන්, ටී. එස්. බූරා සහ එන්. එස්. ෆොන්සේකා උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථන දෙක ටී. එස්. බූරා සම්පූර්ණ කළේය.
ප‍්‍රබල ශාන්ත පීතර විදුහලට හොඳ තරගයක් ලබා දෙමින් පී. එස්. ආර්. ද සිල්වා, ජේ. ඒ. දිලූම් සහ බී. එල්. එස්. කරුණාතිලක විද්‍යා විද්‍යාලයට උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. එම්. ආර්. අයි. ප‍්‍රනාන්දු, දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථන දෙක සාර්ථක කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.