Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර විදුහල 44-12 කින් සා. තෝමස් පරදවයි

ශා. පීතර විදුහල 44-12 කින් සා. තෝමස් පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ අද (10 වැනිදා) පැවති තරගයකින් ගල්කිස සා. තෝමස් විදුහල පරදවා ලකුණු 44-12 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත්විය.

තරගයේ පළමු භාගය නිමා වන විට ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට ශාන්ත පීතර විදුහල සමත්වූ අතර එහිදී සා. තෝමස් විදුහල රැස්කරගෙන තිබුණේ උත්සාහක දිනුමක් පමණි. ඒ අනුව පළමු භාගය අවසන් වන විට ලකුණු 20-5 ක් ලෙස ශාන්ත පීතර කී‍්‍රඩකයෝ පෙරමුණ ගත්හ.

නියමිත කාලය අවසන් වන විට ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 4 ක් සහ දඬුවම් පහරද සමගින් ශාන්ත පීතර විදුහල ලකුණු 44 ක් ලබා සිටියේය. සා. තෝමස් විදුහලට දෙවැනි භාගයේදී රැස්කරගත හැකිවූයේ ගෝල දිනුමක් පමණි.

036


අදහස් (0)

ශා. පීතර විදුහල 44-12 කින් සා. තෝමස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.