Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට පදක්කම් 3 ක්

ශ්‍රී ලංකාවට පදක්කම් 3 ක්

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

බටහිර ආසියානු කණිෂ්ඨ ක්ලැසිකල් චෙස් තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 3 ක් හිමිවිය. කුරුණෑගල මලියදේව විදයාලයේ හර්ෂණ තිලකරත්න රන් පදක්කමක් දිනාගත් අතර කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි ගුණවර්ධන රිදී පදක්කමක් දිනාගත්තාය. කොළඹ නාලන්දා විදයාලයේ ලොකුගේ සුසාල් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

ආසියානු චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ෙමම තරගාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සත්කාරකත්වයෙන් කොළඹ ලෝක  වෙළද මධස්ථාන ශ්‍රවණාරයේදී පැවැත්විණ. නොවැම්බර් මස 29 වැනිදා අාරම්භ වූ තරගාවලිය ඊයේ (5 වැනිදා) දක්වා පැවැත්විණ.

ශ්‍රී ලංකාව ඇතුලුව බටහිර ආසියාවට අයත් රටවල් හතක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  62ක් මේ තරගාවලියට සහභාගිවී සිටියහ.

බටහිර ආසියානු කණිෂ්ඨ  ක්ලැසිකල් බාලක චෙස් තරගාවලියට සහභාගීවූ චෙස් කීඩකයන් 32 අතරින් කුරුණෑගල මලියදේව විදයාලයේ හර්ෂණ තිලකරත්න රන් පදක්කම දිනා ගත්තේය. ඒ ඔහු මුහුණදුන් තරග වට නවයෙන් ලකුණු 6.5ක් ලබා ගනිමින්ය.

බටහිර ආසියානු කණිෂ්ඨ ක්ලැසිකල් බාලිකා චෙස් තරගාවලියට ක්‍රීඩිකාවන් 30 කු සහභාගීවූ අතර ඔවුන් අතරින්  කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි ගුණවර්ධන  රිදී පදක්කම දිනා ගත්තාය. එහිදී ඔෂිනි පැවති තරග වට නවයෙන් ලකුණු 6.5 ක්  ලබා ගනිමින්ය. එම තරග ඉසව්වේ රන් පදක්කම කසකස්ථානයේ කීඩිකාවක් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේ  ක්‍රීඩිකාවක් දිනා ගත්හ.

මේ තරගාවලියේදීම  කොළඹ නාලන්දා විදයාලයේ ලොකුගේ සුසාල්  ලෝකඩ පදක්කම දිනා ගත් අතර එහි රිදී පදක්කම ඉන්දියාවේ ක්‍රීඩකයා විසින් දිනා ගන්නා ලදි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.