Last Update  :  2026-03-13 13:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය අද ඇරඹේ

editorial - 2026 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

යාපනයේ මානිපායි හි හරිත අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකාව වෙනුවෙන්’ පාපැදි සවාරිය අද (11 වැනිදා) අලුයම 3.00 ට කොළඹ සිනමන් ලයිෆ් හෝටලය අබියසින් ආරම්භ කෙරේ. 10 වැනි වරටත් පැවැත්වෙන මෙම පාපැදි සවාරිය කොළඹ සිට මානිපායි දක්වා කිලෝ මීටර 550 ක දුරකින් යුත් පාපැදි සවාරියකි.

පාපැදි සවාරිය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව පිළිබඳ හැඟීමක් ඇති, ලෝකය පුරා සිටින පාපාදි ලෝලීහු 72 දෙනෙක් මෙවර පාපැදි සවාරියට එක්ව සිටින අතර ඔවුන්ගෙන් 12 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ වෙති. 

සවාරියේ පළමු අදියර කොළඹ සිට කල්පිටිය දක්වා අද පැවැත්වේ. හෙට (12 වැනිදා) කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැදයන ඔව්හු අනිද්දා අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා සිය පාපැදි හසුරුවති. අවසන් දිනයේදී මන්නාරමේ සිට යාපනයේ මානිපායි දක්වා ඔව්හු සිය පාපැදි පැද යාමට නියමිතය. 

එක්සත් රාජධානියේ ලියාපදිංචි පුණ්‍යායතනයක් වන ‘මානිපායි රෝහලේ මිතුරෝ’ යන සංවිධානය විසින් පාපැදිකරුවන් 6 දෙනකු පමණක් සහභාගි කරවාගනිමින් 2017 දී මෙම පාපැදි සවාරිය ආරම්භ කරන ලදි. මෙවර පැවැත්වෙන්නේ එහි 10 වැනි සංවත්සර පාපැදි සවාරියයි. සවාරියට එක්වන පාපැදිකරුවන්ගෙන් ලැබෙන ආදායම මානිපායි හි හරිත අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීමට යොදා ගැනේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.