Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා හොකී පිල 8 වැනි තැනට

ශ්‍රී ලංකා හොකී පිල 8 වැනි තැනට

Nisanka Sandeepani - 2018 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්වේ අද (30 වැනිදා) ශ්‍රේණිගත කිරීමේ තරගයකදී ගෝල 5-2 ක් ලෙස ඕමානය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉසව්වේ 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

එම තරගයේදී සඳරුවන් ප්‍රියලංක සහ අනුරාධ සුරේෂ් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝලය බැගින් ලබාගත්හ. 

මූලික වටයේ තරගවලදී ජපානය හමුවේ ගෝල 11-0 ක් ලෙසද, කොරියාව හමුවේ ගෝල 8-0 ක් ලෙසද, ඉන්දියාව හමුවේ ගෝල 20-0 ක් ලෙසද පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, හොං කොං දේශයට එරෙහිව ගෝල 4-1 ක් ලෙසද, ඉන්දුනීසියාවට එරෙහිව ගෝල 3-1 ක් ලෙසද ජය ලැබීය. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා හොකී පිල 8 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.