ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානූ ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්වේ අද (28 වැනිදා) පැවැති මූලික වටයේ තරගකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහිදී ගෝල 20-0 ක් ලෙස ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් ලැබීය.
එම තරගයේදී ආකාෂ්දීප් සිං ඉන්දියාව වෙනුවෙන් ගෝල 6 ක් ලබාගත් අතර හර්මන්පීත් සිං, රුපින්දර් සිං සහ මන්දීප් සිං ගෝල 3 බැගින් වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.
මින් පෙර පැවැති මූලික වටයේ තරගවලදී ජපානය හමුවේ ගෝල 11-0 ක් ලෙසද, කොරියාව හමුවේ ගෝල 8-0 ක් ලෙසද පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, හොං කොං දේශයට එරෙහිව ගෝල 4-1 ක් ලෙසද, ඉන්දුනීසියාවට එරෙහිව ගෝල 3-1 ක් ලෙසද ජය ලැබීය.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී ජයග්‍රහණ 2 ක් සහ පරාජයන් 3 කට හිමිකම් කියමින් එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.