Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වොලිබෝල් පිල නේපාලය පරදවයි

ශ්‍රී ලංකා වොලිබෝල් පිල නේපාලය පරදවයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ වටය යටතේ අද (30 වැනිදා) පැවති තරගයකදී වට 3-1 ක් ලෙස නේපාලය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 

ලකුණු 25/23 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට නේපාලය සමත් වුවත්, එහි දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/16 ක්, 26/24 ක් සහ 25/21 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව සමස්ත තරගයෙන් වට 3-1 ක ජයක් ලැබීය. 

‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලිට එක් වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට සිදුවිය. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල නේපාලය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.